"නිකුම්භ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ෂට්පුර රාජ්‍ය පාලකයා වූ රාක්ෂසයෙකි. විෂ්ණු හැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:26, 29 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
ෂට්පුර රාජ්‍ය පාලකයා වූ රාක්ෂසයෙකි. විෂ්ණු හැර අනිකකුට ඔහුගේ මරණය සිදුකළ නොහැකි පරිදි වරයක් ලබාගෙන තිබුණ ඔහුට කැමති විටක කැමති වේශයක් ගතහැකි බලයක් ද තිබුණේ ය. නානාවිධ ප්‍රදේශයන්හි විවිධ රූපධාරණයෙන් වෙස්වලාගෙන හැසිරීම ඔහුගේ සිරිත විය. ඔහු විසින් කෘෂ්ණගේ මිත්‍රයකු වූ බ්‍රහ්මදත්තගේ දූවරු පැහැර ගෙන යන ලදහ. බ්‍රහ්මත්ත ඔහුට විරුද්දව සටන් කළ නමුත් ඔහු මැරිය නොහැකි විය. අන්තිමේ දී කෘෂ්ණ විසින් හෙතෙම මරණ ලදි. මේ නිසා කෘෂ්ණට 'ෂට්පුර විනාශ' යන නාමයෙක් ද විය. නිකුම්භගේ මරණයෙන් පසු ෂට්පුර රාජ්‍යය බ්‍රහ්මදත්තට දෙන ලදි. නිකුම්භ නමින් යුත් තවත් කීප දෙනකු ගැන ග්‍රන්ථාගත ය.
(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)
(සංස්කරණය නොකළ)