"නිරපේක්‍ෂ ශුන්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Absolute zero) විශ්වය තුළ තිබිය හැකි පහත් ම උෂ්ණත්වය මෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:37, 29 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය

(Absolute zero) විශ්වය තුළ තිබිය හැකි පහත් ම උෂ්ණත්වය මෙය වේ. පදාර්ථයේ අංශු නිසලවන උෂ්ණත්වය මෙයයි. මෙම උෂ්ණත්වය සෙල්සියස්වලින් -273.16 වන අතර පැරන්හයිට්වලින් -459.69 වේ. කෙල්වින් පරිමාණයේ ආරම්භය (ශුන්‍යය) මෙය වේ.

එනම්, -273.16 = ok (කෙල්වින් 0).

නිරපේක්‍ෂ ශුන්‍යයේ දී අණුවලට චාලක ශක්තියක් නැත. ඕනෑම වායුවක පරිමාන මේ උෂ්ණත්වයේ දී ශූන්‍ය ය. එනම් මේ උෂ්ණත්වයට පත් වීමට පෙර වායු ද්‍රව වේ.

නිරපේක්‍ෂ උෂ්ණත්ව පරිමානයේ දී ඍණ අගයයන් නොමැති වීම උෂ්ණත්ව පරිමානයක් වශයෙන් යෝග්‍යය වීමට හේතු වී ඇත. නිරපේක්‍ෂ අංශක හෙවත් කෙල්වින්වලින් මනින්නේ තාපගතික උෂ්ණත්වයයි. නිරපේක්‍ෂ උෂ්ණත්ව පරිමානය අනුව අයිස්වල ද්‍රවාංකය 273.16k වේ. එම පරිමානය අනුව ජලයේ තාපාංකය 373.16k වේ.

(කර්තෘ: කේ. ආරියසිංහ)

(සංස්කරණය නොකළ)