"නෘත්‍යදේව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රාෂ්ට්‍රකූට රාජයකු වූ මොහු සරස්වතී හෘදයාලංකා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

11:59, 29 පෙබරවාරි 2024 තෙක් සංශෝධනය

රාෂ්ට්‍රකූට රාජයකු වූ මොහු සරස්වතී හෘදයාලංකාර නම් සංගීත ග්‍රන්ථයක් සංස්කෘත භාෂාවෙන් රචනා කළේ ය.

මගධයෙහි මිථිලා නුවර 1097 සිට 1133 දක්වා රාජ්‍යානුශාසනා කළේ යයි සැලකෙන නෘත්‍යදේව, සංගීත ග්‍රන්ථ වංශයෙහි අභිනව ගුප්ත (බ.) සහ ශාරංගදේව (බ.) අතරට වැටේ. මොහු නෘත්‍යභූපාල යන නමින් ද හඳුන්වනු ලැබේ. කෙසේ වුව ද මොහුගේ අවදිය එකොළොස් වැනි සියවස් අතරෙහි ලා ගැනේ.

ගීත, වාද්‍ය සහ වාද්‍ය භාණඩයන් අළලා ස්වකීය ග්‍රන්ථය රචනා කළ මොහුගේ කෘතිය අධ්‍යාය පසළොසකින් සමන්විත ය. මේ වූ කලී භරත නාට්‍ය ශාස්ත්‍රයට ලියූ භරතභාෂ්‍ය නම් වෘත්ති ග්‍රන්ථයෙකි.

(කර්තෘ: විමල් අබේසුන්දර)

(සංස්කරණය නොකළ)

[[ප්‍රවර්ගය: ]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නෘත්‍යදේව&oldid=4891" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි