"දේවශර්මන්-7" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කාවේරි නදියේ උතුරු ඉවුරේ පදිංචි බමුණෙක් වූ දේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:51, 7 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
කාවේරි නදියේ උතුරු ඉවුරේ පදිංචි බමුණෙක් වූ දේවශර්මන් කාර්තිකේය මාසයේ දී ස්නානය කරන සේ සිය පුත්‍රයාට දැන්වී ය. පුත්‍රයා එය ප්‍රතික්ෂේප කළ කල හේ මූෂිකයෙකු වන්නැයි ඔහුට ශාප කළේ ය. පුත්‍රයා සමාව අයැදි කල්හි යමෙකු විසින් කාර්තිකේයගේ (කඳ කුමරු) මාහාත්ම්‍යය වර්ණනා කරනු ඇසූ කල්හි මී අත් බැවින් ඔහුට මිදිය හැකි බව දන්වා ශාපාන්තයක් පැන වීය. මූෂිකයකු වූ පුත්‍රයා වනයෙහි ඇවිදිමින් කලක් ගත වන විට මහර්ෂී විශ්වාමිත්‍ර සිය ශිෂ්‍යයන් හට කාර්තිකෙයගේ ශ්‍රෙෂ්ඨත්වය වර්ණනා කරනු අසා හේ ශාපයෙන් අත් මිදුණේ ය.
මූලාශ්‍රය
ස්කන්ධ පුරාණ, 2, 4 හා 12 වන ස්කන්ධ ස්කන්ධ පුරාණ නොකියවීම් Vettam Mani; Puranic Encyclopaedia; Motilal Banarsidass. 1984 යන ග්‍රන්ථයේ 213 වන පිටුවෙන් ලබා ගතිමි.
(කර්තෘ: අඥාතයි)
(සංස්කරණය නොකළ)