"දියනිල්ල" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('Klugia notoniana යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
07:08, 17 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
Klugia notoniana යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්විණ. නූතන වර්ගීකරණය අනුව Rhynchoglossym notanianum නම් වේ. GESNERIACEAE ගෙස්නෙරියාසේ නම් උද්භිද කුලය හා KLUGIEAE ක්ලුගියේ (නූ.ව. අනුව RHYNCHOGLOSSUM) නම් උද්භිද ගෝත්‍රයට අයත් ය.
අතු බෙදුණු ඍජු පැලැටි වේ. පත්‍ර ආයත හෝ අණ්ඩාකාර වන අතර දීප්තිමත් කොළ පැහැයෙන් යුක්ත වේ. සෙ.මී. 6-20 පමණ දිගකින් හා සෙ.මී. 3-11 පමණ පළලකින් යුක්ත ය. සියුම් දන්තුර හෝ සුමට දාරයෙන් සමන්විත ය.
පුෂ්ප නාලාකාර ය. මණිය පංචකෝණී නාලාකාර වේ. ඉහළින් ම පිහිටන මණි පත්‍රය මුදුනින් කවාකාර ව ඇත. අනෙක් මනිපත්‍ර 4 සමාන ය. නාලාකාර මුකුටය සුදු පැහැති ය. බූව සහිත ය. පහළ ම දලය තද දම්-නිල් (purplish-blue) පැහැති ය. එහි පාදයේ කහ පැහැති තිතක් ඇත. පුෂ්පය සෙ.මී. 3ක් පමණ වේ. රේණු 4 සංලග්න (connate) ය. කීලය මි.මී. 8ක් පමණ දිගු ය. කරල අණ්ඩාකාර ය.
ශ්‍රී ලංකාවේ තෙත් වනාන්තරවල හමු වේ. සාමාන්‍යයෙන් දිය පහරවල මායිමේ ජලාශ්‍රිත ව වැඩෙන ශාකයකි.
(කර්තෘ: පී.ජී.ඩී. ප්‍රදීපා සේරසිංහ)
(සංස්කරණය නොකළ)