"දින" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('දින මානය නොයෙක් ජාතීන් අතර වෙනස් වන වග නොරහසකි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:36, 22 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය
දින මානය නොයෙක් ජාතීන් අතර වෙනස් වන වග නොරහසකි. යුරෝපා රටවල එක් මැදිරැයෙක සිට ඉක්බිති මැදි රැය දක්වා කාලය එක් දිනක් සේ සැලකේ. එසේ ම අරාබි රටවල එක් සූර්යාස්තය දක්වා කාලය එක් දිනක් සේ සැලැකේ. කරුණු මෙසේ හෙයින් මේ යළිත් ලියැවුණු හොත් මැනැවැයි හැඟේ.
දින. පඤචාංගයට අයත් අංග පසෙන් එකකි. එක් සූර්යෝදයක පටන් ඊළඟ සූර්යෝදය දක්වා දින ඇති කාලය දිනයෙකි. ඉරිදා, සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා යයි දින හතකි. මේවාට යථෝක්ත නම් යොදා තිබෙන්නේ ඒ ඒ දිසාධිපති ග්‍රහයින්ගේ නම් මුල් කරගෙන ය. මේ අනුව ඉරිදා යනු සූර්‍ය්‍යා (ඉරු)ගේ දිනය යනාදියි. සෙස්ස ද මෙනයින් සැලකිය යුතුයි. ඒ ඒ දිනවල උපනුන් පිළිබඳ විස්තර හා අගුන කාල යනාදිය ඒ ඒ ග්‍රහ නාම යටතේ විස්තර වේ.
(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)
(සංස්කරණය නොකළ)