"ධොතෝදන" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කිඹුල්වත් පුර අගනුවර කොට ගෙන ශාක්‍ය රාජධානිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:09, 6 මැයි 2024 වන විට නවතම සංශෝධනය
කිඹුල්වත් පුර අගනුවර කොට ගෙන ශාක්‍ය රාජධානිය පාලනය කළ සීහහනු නම් රජුගේ පුත්‍රයෙකි. මව කච්චානා නම් වූවා ය. ශුද්ධෝදන රජු ස්වකීය වැඩිමහල් සොහොයුරා ය. එහෙයින් බුදුන් වහන්සේට ද ඥාතිත්වයෙන් සුළුපියා විය. මහාංශයට අනුව ඔහුට ශුක්ලෝදන නමින් තමත් වැඩිමහල් සොහොයුරෙක් සහ සුක්කෝදන, සක්කෝදන හා අමිතෝදන යනුවෙන් බාල සොහොයුරන් තිදෙනෙක් ද අමිතා හා සමිතා නම් සොහොයුරියන් දෙදෙනෙක් ද වූහ. (මහාවංශය 12-24)
(කර්තෘ: උණුවතුරබුබුලේ මහින්ද හිමි)
(සංස්කරණය නොකළ)