"ආක්සු" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පැරැණි චීන තුර්කිස්ථානයේ හෙවත් වර්තමාන (චීන) ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:26, 4 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

පැරැණි චීන තුර්කිස්ථානයේ හෙවත් වර්තමාන (චීන) සිංකියෑං සමූහාණ්ඩු රාජ්‍යයෙහි තියෙන්ෂාන් කඳු පාමුල පිහිටි කුඩා නගරයකි. මෙය මැද පෙරදිග සිට මධ්‍යම ආසියාව හරහා චීනය කරා වැටී තිබුණ තවලම් මාර්ගයේ වැදගත් නැවතුම්පළක් විය. 12 වැනි ශතවර්ෂයේ මොංගෝලීය ආධිපත්‍යයට යටත් වූ මේ නගරය 14 වැනි ශතවර්ෂය දක්වා චීන තුර්කිස්ථානයේ අගනුවරව පැවැත්තේය. ජනගහනය (1954) 40,000ක් පමණ විය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආක්සු&oldid=5751" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි