"මිත්තා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('විජයබාහු I රජුගේ සහෝදරියක් මෙනමින් හඳුන්වන ලද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:56, 12 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
විජයබාහු I රජුගේ සහෝදරියක් මෙනමින් හඳුන්වන ලදි. සොළී රජකු ඇය සරණපාවා ගැනීමට නොයෙක් ආකාරයෙන් උත්සාහ ගත්ත ද විජයබාහු රජතුමා පිරිසිදු වංශයෙහි උපන් පඬි රජකු ගෙන්වා තම නැගණිය ඔහුට පාවා දුන්නේ ය. ඇය මානාභරණ, කීර්ති ශ්‍රී මේඝ (කිත්සිරිමේ) හා සිරිවල්ලභ නම් පුතුන් තිදෙනෙකු ලැබුවා ය.
විජයබාහු රජුගේ මරණින් පසු මිත්තා කුමරියත් ඇයගේ පුතුන් තිදෙනාත් මහඇමති හා භික්‍ෂූහු, රජුගේ පුත් වික්‍රමබාහු කුමරාට රජුගේ මරණය පිළිබඳව නොදන්වා, ජයබාහු කුමරුට රජකමත් මානාභරණ කුමරුට උපරජකමත් පැවරූහ. වික්‍රමබාහු සටන් කොට රාජ්‍යය පැහැරගත්තෙන් මිත්තා රුහුණට පලා ගියා ය. එහි ටික කලක් වාසය කළ ඇය එහිදී ම මිය ගියේ ය.
විජයබාහු I රජුගේ දියණියෙක වූ රත්නාවලීගේ වැඩිමහලු ම දියණිය ද මෙනමින් හඳුන්වන ලදි. සිරිවල්ලභ රජු තම පුත් මානාභරණ කුමරුට ඇය පාවා දීමට තැත් කළේ ය. එහෙත් රත්නාවලී බිසව ඊට අසතුටු වූයෙන් මිත්තා කුමරිය පැහැරගෙන ගොස්, මානාභරණය පාවා දෙන ලද්දී ය.
(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)
(සංස්කරණය නොකළ)