"අලුත්කූරුවේ හාමුදුරුවෝ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('දකුණු අලුත්කුරු කෝරළයේ දාසිය පත්තුවේ මාදෙල්ග...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
10:44, 16 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
දකුණු අලුත්කුරු කෝරළයේ දාසිය පත්තුවේ මාදෙල්ගමුවේ උපන් කුලදරුවෙක් සිද්ධත්ථ නමින් සියම් නිකායෙහි පැවිදිව සිටියේය. පසු කලෙක උන්වහන්සේ සියම් නිකාය හැර රාමඤ්ඤ නිකායික භික්ෂුවක් වූහ. උස්ව වැඩුණු ශරීරයකින් යුත් උන්වහන්සේට සැතපීමට සාමාන්‍ය මිනිසුන් නිදාගන්නා ඇඳක් ප්‍රමාණවත් නොවූ හෙයින් විශේෂ ඇඳක් පිළියෙල කර තිබුණේල. ධර්ම දේශනයෙහි විශේෂ දක්ෂකමක් දැක්වූ මුන්වහන්සේ වාද කිරීමෙහි ද දක්ෂයෙක් වූහ. බුදු සිරුර 18 රියනක් නොව 12 රියනකැයි වාද කරන ලද්දේ මුන්වහන්සේ විසිනි. මහජනයා අතර උන්වහන්සේ ප්‍රකට වූයේ සිද්ධත්ථ නාමයෙන් නොව අලුත්කූරුවේ හාමුදුරුවෝ කියායි.
(සංස්කරණය: 1965)