"අල්පොන්සු" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Alfonso) යනු ස්පාඤ්ඤ හා ප්‍රතිකාල් රජවරුන් බොහෝ දෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:40, 18 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
(Alfonso) යනු ස්පාඤ්ඤ හා ප්‍රතිකාල් රජවරුන් බොහෝ දෙනකුන් දැරූ නාමයකි. මෙය ඒ ඒ රටවල මඳ මඳ වෙනස්කම් ඇතිව ද භාවිත විය. ගැලීසියානු රජවරුන් හැඳින්වුණේ අපොන්සු (Affonso) නමිනි. ලියොන්හි රජවරු අලොන්සු (Alonso) යන නමින් ද කැස්ටීල්හි රජවරු අල්පොන්සු (Alphonso) යන නමින් ද හැඳින්වුණාහ. ස්පාඤ්ඤයේ ලියොන් හා කැස්ටීල් ප්‍රදේශවල අල්පොන්සු නමින් රජ කළ රජවරු දහතුන් දෙනෙක් පමණ වූහ. ඇරගන්හි රජ කළ ස්පාඤ්ඤ රජවරුන් පස්දෙනකු පමණ මේ නම භාවිත කළ බව පෙනේ. ක්‍රි.ව. 1140 සිට 1683 දක්වා කාලය අතරතුර පෘතුගාලයේ රජකළ රජවරුන් හයදෙනකුන් ද හැඳින්වුණේ මේ නමිනි. හත්වන සියවසේ දී ස්පාඤ්ඤයේ තොලේදෝ ප්‍රදේශයේ විසූ සාන්තුවරයෙක් ද ආච් බිෂොප්වරයෙක් ද මෙනම් වූහ.
(සංස්කරණය: 1965)