"අවකහඩ චක්‍රය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඉෂ්ටානිෂ්ට පද්‍යබන්ධනයෙහි ද යමකුගේ නමෙහි මුල...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:42, 19 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
ඉෂ්ටානිෂ්ට පද්‍යබන්ධනයෙහි ද යමකුගේ නමෙහි මුලකුරට අයිති නැකත් රාශි ආදියට අනුව ඕහට කලින් කල ඇතිවන ශුභාශුභ විනිශ්චය කිරීම් ආදිය පිණිස ද ඉවහල් වන වර්ණ, නක්ෂත්‍ර, රාශි ආදිය ඇතුළත් චක්‍රයකි. සර්වතෝභද්‍ර චක්‍රයේ පූර්වදිශාවෙහි වූ නැකත් යට පිහිටි අ.ව.ක.හ.ඩ යන අකුරු පස සම්බන්ධ කර ගැනීමෙන් මේ චක්‍රයට අවකහඩ යන නාමය දී තිබේ. මෙයින් දැක්වෙන ඉෂ්ටානිෂ්ට විපාක සමරසාරය, තන්ත්‍රරහස්‍ය ආදි ග්‍රන්ථයන්හි සඳහන් වේ.
(සංස්කරණය: 1965)