"අවර්ගාදි යෝග" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('භෘගු (බ.) සෘෂිවරයා විසින් ස්වකීය පුත්‍ර ශුක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:47, 29 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
භෘගු (බ.) සෘෂිවරයා විසින් ස්වකීය පුත්‍ර ශුක්‍රහට ප්‍රකාශ කරන ලද යෝග 108ක් මෙයින් හැඳින්වේ. මේ යෝග එකසිය අට අවර්ග නමැති යෝගයෙන් ආරම්භව අසන්මාර්ගී නමැති යෝගයෙන් අවසන් වේ. මෙපරිද්දෙන් ක-ච-ට-ත-ප-ය-ශ යන වර්ග ද එකකට 108 බැගින් ගත් කල සම්පූර්ණ යෝග සංඛ්‍යාව 864කි. භෘගු සංහිතාවේ ඇතුළත් මේ යෝගවලින් මනුෂ්‍යයන්ගේ පූර්වජන්ම කීපයක් හා වර්තමාන ජීවිතය පිළිබඳ කරුණු ද විස්තර වේ.
(සංස්කරණය: 1965)