"අෂ්ටාවක්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මහා භාරතයෙහි සඳහන් වන වාදයෙහි දක්ෂ සෘෂිවරයෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:12, 2 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය
මහා භාරතයෙහි සඳහන් වන වාදයෙහි දක්ෂ සෘෂිවරයෙකි. පියාගේ ශාපයකින් ශරීරය අට තැනකින් වක් වූ බැවින් අෂ්ටාවක්‍ර යන නම ඇති විය. ඔහු මවුකුස සිටිය දී ඔහුගේ පියා වන්දීන් නමැත්තකු සමඟ කළ වාදයෙන් පැරද දියේ ගිල්වා මරනු ලැබීය. තමා දොළොස් වියෙහි සිටියදී පියාට වූ විපත ගැන දැනගත් අෂ්ටාවක්‍ර තෙමේ ජනක රජුගේ රාජ සභාවට ගොස් වන්දින් සමඟ වාද කර ඔහු පරදවා පියාට දුන් දඬුවම ඔහුට ද පමුණුවන ලෙස රජුගෙන් අයැද සිටියේය. ඉක්බිති අෂ්ටාවක්‍රගේ පියාට පුනර්ජීවය ලැබුණෙන් දෙදෙන ම ආශ්‍රමය කරා ගියහ. පුත්‍රයාගේ දක්ෂ භාවය ගැන ප්‍රසාදයට පත් පිය තෙමේ ඔහුට ආමන්ත්‍රණය කොට මධුවිලා නදිය කරා ගොස් ස්නානය කිරීමට අණ කෙළේය. එහි ස්නානය කළ කෙණෙහි ම ඔහුගේ වක්ව තිබුණ ශරීරය සෘජු විය.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]