"ඉනාජිරෝ අසානුමා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(1897- ). ජපානයේ දේශපාලනඥයෙකි; එරට සමාජවාදී පක්ෂයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:20, 2 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය
(1897- ). ජපානයේ දේශපාලනඥයෙකි; එරට සමාජවාදී පක්ෂයේ නායකයෙකි. තෝකියෝ ප්‍රදේශයට අයත් මියාකෙජිමා දිවයිනෙහි උපන් හෙතෙමේ වාසේදා විශ්වවිද්‍යාලයෙහි ශාස්ත්‍රෝද්ග්‍රහණය කෙළේය. එකල ම ඔහු පතල් කම්කරුවන් හා ගොවියන් එක්සත් කිරීමේ ව්‍යාපාරය පටන් ගත්තේය. කම්කරු වැඩ වර්ජන වල සංවිධායකයකු වශයෙන් ද හෙතෙමේ බෙහෙවින් ක්‍රියාශීලී විය. 1923 දී විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලත් අසානුමා ජපානයේ පතල් කම්කරුවන්ගේ සංගමයට බැඳුණේය. අභිනවයෙන් සංවිධානය වූ ගොවි කම්කරු පක්ෂයේ ප්‍රධාන ලේකම් ධුරයට ද 1925 දී හෙතෙම පත්කරගනු ලැබීය. මේ පක්ෂය ඇරඹුණු නොබෝ දිනෙකින් ම රජය විසින් එය තහනම් කරන ලදි. පසුව සමාජවාදි මහජන පක්ෂයට බැඳුණු අසානුමා 1933 දී ෆුකාගාවා කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් තෝරාගන්නා ලද්දේ පිළිවෙළින් අටවරක් ම මන්ත්‍රීවරයකු ලෙස පත්විය.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]