"අසර්බයිජාන්-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('වයඹදිග ඉරානයේ පළාතකි. උතුරෙන් ආරාස් (ආරාක්සීස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:59, 2 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය

වයඹදිග ඉරානයේ පළාතකි. උතුරෙන් ආරාස් (ආරාක්සීස්) ගංගා වෙන් ද නැගෙනහිරින් කැස්පියන් මුහුදෙන් ද බටහිරින් ආසියාතික තුර්කියෙන් සහ ඉරාකයෙන් ද සීමා වී තිබේ. මෙහි විශාලත්වය වර්ග සැතැපුම් 41, 150කි. සහෙණ්ඩි (අඩි 12,000), සවලන් (අඩි 15,792) සහ අරරත් (අඩි 17,000) ආදි ශිඛර සහිත උස් සම භූමියක් වූ මෙහි අඩි 4000ක් උසින් උර්මියා විල සහ ඒ ආශ්‍රිත අභ්‍යන්තර ජලවහන ප්‍රදේශය පිහිටා ඇත්තේය. ඉරානයේ සාරවත් ප්‍රදේශවලින් එකක් සේ ගත හැකි මෙහි කෘෂිකර්මය ඉතා දියුණුය. ධාන්‍ය සහ පලතුරු ප්‍රධාන වැවිලිය. වියළි පලතුරු වැදගත් වෙළඳ ද්‍රව්‍යයකි. ඊයම්, තඹ, ගල්අඟුරු සහ ඛනිජ තෙල් නිධි ස්වල්ප වශයෙන් තිබෙන නමුත් ආකර කර්මාන්තය දියුණු නැත. මාරාඝා නගරය අසලින් හාරා ගන්නා කිරිගරුඬ විශේෂය ඉරානයේ ගෘහ නිර්මාණයට සහ කැටයම් කලාවට මහත් රුකුලකි. අසර්බයිජාන්හි අගනුවර ටාබ්රීස් (1953) (2,70,000) ය. පර්සියාවේ විශාල නගර අතරින් දෙවැනි තැන ගන්නා මෙහි සුප්‍රසිද්ධ කර්මාන්තයක් නම් බුමුතුරුණු සැදීමය. ආර්ද්‍රබිල් (1953) (80,000) සහ මාරාඝා (1953) (35,000) වෙනත් වැදගත් නගරය. මෙහි ජනගහනය වූ (1953) 27,34,973 න් වැඩි කොටසක් තුර්කි ටාටර් වර්ගයට අයත්ය. (මෙහි ඉතිහාසය සඳහා අසර්බයිජාන් (1) බ.).

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසර්බයිජාන්-2&oldid=6273" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි