"අලොසවුරුස්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Allosaurus). මීට අවුරුදු කෝටි 16කට පමණ පෙර ආරම්භ වී අවු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Allosaurus). මීට අවුරුදු කෝටි 16කට පමණ පෙර ආරම්භ වී අවුරුදු කෝටි තුනක් පමණ පැවතුණු ජුරාසික අවධියේ ([[ජුරාසික අවධිය]] බ.) දී උතුරු ඇමෙරිකාවේ සිටි මේ උරගයා (reptile) දවැන්ත ඩිනොසවුරයෙකි ([[ඩිනොසවුරයෝ]] බ.) පාෂාණීභූත වූ උගේ ඇටසැකිලි උතුරු ඇමෙරිකාවේ මොරිසන් භූ වර්ගය පිහිටි ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. ඇතැම් අලොසවුරුසයෙක් දිගින් අඩි 30ක් පමණ | + | (Allosaurus). මීට අවුරුදු කෝටි 16කට පමණ පෙර ආරම්භ වී අවුරුදු කෝටි තුනක් පමණ පැවතුණු ජුරාසික අවධියේ ([[ජුරාසික අවධිය]] බ.) දී උතුරු ඇමෙරිකාවේ සිටි මේ උරගයා (reptile) දවැන්ත ඩිනොසවුරයෙකි ([[ඩිනොසවුරයෝ]] බ.). පාෂාණීභූත වූ උගේ ඇටසැකිලි උතුරු ඇමෙරිකාවේ මොරිසන් භූ වර්ගය පිහිටි ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. ඇතැම් අලොසවුරුසයෙක් දිගින් අඩි 30ක් පමණ වීය. |
| − | ඌ දෙපයින් ගමන් කළේය. උගේ පස්සා ගාත් දෙක තරබාරු විය. හොඳට වැඩුණු ඇඟිලි තුනක් ද පස්සට හැරුණු කුඩා ඇඟිල්ලක් ද පස්සා ගාතයක තිබිණ.ඉස්සරහ ගාත් දෙක කුඩා විය. නිය සහිත විහිදී යන ඇඟිලි තුනක් ඉස්සරහ ගාතයක තිබිණ. ගොදුරු අල්ලා ගැනීමට මේ සතා ඉස්සරහ ගාත් දෙක පාවිච්චි කළ බැව් සිතිය හැකිය. උගේ විශාල දත් ඉතා තියුණු විය. | + | |
| + | ඌ දෙපයින් ගමන් කළේය. උගේ පස්සා ගාත් දෙක තරබාරු විය. හොඳට වැඩුණු ඇඟිලි තුනක් ද පස්සට හැරුණු කුඩා ඇඟිල්ලක් ද පස්සා ගාතයක තිබිණ. ඉස්සරහ ගාත් දෙක කුඩා විය. නිය සහිත විහිදී යන ඇඟිලි තුනක් ඉස්සරහ ගාතයක තිබිණ. ගොදුරු අල්ලා ගැනීමට මේ සතා ඉස්සරහ ගාත් දෙක පාවිච්චි කළ බැව් සිතිය හැකිය. උගේ විශාල දත් ඉතා තියුණු විය. | ||
අලොසවුරුස්ට වඩා නපුරු සතෙක් මේ අවධියේ දී නොසිටියේය. ඌ දැක්ක විට කුඩා සත්තු භයෙන් පලා ගියහ. ඌට වඩා විශාල සතකුටවත් ඌට විරුද්ධ වන්නට නොහැකි විය. | අලොසවුරුස්ට වඩා නපුරු සතෙක් මේ අවධියේ දී නොසිටියේය. ඌ දැක්ක විට කුඩා සත්තු භයෙන් පලා ගියහ. ඌට වඩා විශාල සතකුටවත් ඌට විරුද්ධ වන්නට නොහැකි විය. | ||
| − | ජුරාසික අවධියට පසුව, මීට අවුරුදු කෝටි | + | ජුරාසික අවධියට පසුව, මීට අවුරුදු කෝටි 10කට පමණ කලින් පැවතුණු ඛටිකාමය (Cretaceous) අවධියේ දී අලොසවුරුස් නෂ්ට වී ගිය බවට සාක්ෂි තිබේ. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
10:49, 14 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය
(Allosaurus). මීට අවුරුදු කෝටි 16කට පමණ පෙර ආරම්භ වී අවුරුදු කෝටි තුනක් පමණ පැවතුණු ජුරාසික අවධියේ (ජුරාසික අවධිය බ.) දී උතුරු ඇමෙරිකාවේ සිටි මේ උරගයා (reptile) දවැන්ත ඩිනොසවුරයෙකි (ඩිනොසවුරයෝ බ.). පාෂාණීභූත වූ උගේ ඇටසැකිලි උතුරු ඇමෙරිකාවේ මොරිසන් භූ වර්ගය පිහිටි ප්‍රදේශයෙන් සොයා ගෙන තිබේ. ඇතැම් අලොසවුරුසයෙක් දිගින් අඩි 30ක් පමණ වීය.
ඌ දෙපයින් ගමන් කළේය. උගේ පස්සා ගාත් දෙක තරබාරු විය. හොඳට වැඩුණු ඇඟිලි තුනක් ද පස්සට හැරුණු කුඩා ඇඟිල්ලක් ද පස්සා ගාතයක තිබිණ. ඉස්සරහ ගාත් දෙක කුඩා විය. නිය සහිත විහිදී යන ඇඟිලි තුනක් ඉස්සරහ ගාතයක තිබිණ. ගොදුරු අල්ලා ගැනීමට මේ සතා ඉස්සරහ ගාත් දෙක පාවිච්චි කළ බැව් සිතිය හැකිය. උගේ විශාල දත් ඉතා තියුණු විය.
අලොසවුරුස්ට වඩා නපුරු සතෙක් මේ අවධියේ දී නොසිටියේය. ඌ දැක්ක විට කුඩා සත්තු භයෙන් පලා ගියහ. ඌට වඩා විශාල සතකුටවත් ඌට විරුද්ධ වන්නට නොහැකි විය.
ජුරාසික අවධියට පසුව, මීට අවුරුදු කෝටි 10කට පමණ කලින් පැවතුණු ඛටිකාමය (Cretaceous) අවධියේ දී අලොසවුරුස් නෂ්ට වී ගිය බවට සාක්ෂි තිබේ.
(සංස්කරණය: 1965)