"ටව්ඩා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Tavda). බටහිර රුසියාවේ ස්වර්ඩ්ලොව්ස්ක් ඔබ්ලාස්ට...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

16:27, 20 නොවැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

(Tavda). බටහිර රුසියාවේ ස්වර්ඩ්ලොව්ස්ක් ඔබ්ලාස්ට් (Sverdlovsk Oblast) ප්‍රාන්තයට අයත් ටව්ඩා ගඟබඩ පිහිටි වරායක් මෙන් ම නගරයක් මෙනමින් හැඳින්වේ. උ.අ.58 032 හා නැ.දේ.65 162 අතර පිහිටි මෙය ටව්ඩින්ස්කි (Tavdinsky) දිස්ත්‍රික්කයේ පරිපාලන මධ්‍යස්ථානය ද වේ. එසේ වුවත් එය ටව්ඩින්ස්කි දිස්ත්‍රික්කයට අයත් නගරයක් නොවේ.

ටව්ඩාහි ප්‍රධාන කර්මාන්ත වන්නේ දුම්රිය එන්ජිම් අලුත්වැඩියාව, ලී ඉරීම, ලී වැඩ යනාදියයි. නගරයේ දැව නිෂ්පාදනාගාරයන්හි පෙරසවි නිවාස හා තුනී ලෑලි නිෂ්පාදනය සිදු කෙරේ. තව ද දැව කර්මාන්තය සඳහා වූ කාර්මික ආයතයනක් ද පවතී. මෙහි ජනගහනය 2010 දී 35,421ක් විය.

(කර්තෘ: උස්ගොඩ ධම්මගරු හිමි)

(සංස්කරණය: 2019)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටව්ඩා&oldid=6518" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි