"අරම විහාරය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පැරණි රජමහා කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පරණකූ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
4 පේළිය: 4 පේළිය:
 
   
 
   
 
වළගම්බා රජු සැඟවී සිටි තැනකැ රහලගලේ ගල්ගුහාව ද අරම විහාරය අසල පිහිටා තිබේ.
 
වළගම්බා රජු සැඟවී සිටි තැනකැ රහලගලේ ගල්ගුහාව ද අරම විහාරය අසල පිහිටා තිබේ.
 +
 +
(සංස්කරණය: 1965)
 +
 +
[[ප්‍රවර්ගය: ලංකාවේ පැරණි බෞද්ධ සිද්ධස්ථාන]]
 +
 +
[[ප්‍රවර්ගය: අ]]

14:20, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

පැරණි රජමහා කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් පරණකූරු කෝරළේ තුන් පළාත පත්තුව බද රහලගල කඳුවැටියට පහළින් මෙය පිහිටියේය. විහාරය වළගම්අබා රජු විසින් කරවන ලදැයි සැලැකේ. නිශ්ශංකමල්ල රජු මෙය ප්‍රතිසංස්කරණය කරවූ බව ද කියැවේ. මෙහි සුරක්ෂිතව ඇති පුරාණ තුඩපතක විහාරය පිළිබඳ පුරාවෘත්තය සඳහන් වේ. ඒ අනුව අරම විහාරය පිහිටි ස්ථානය පූර්වයෙහි රහතුන් විසූ ශුද්ධ භූමියකි. වළගම්බා රජු මෙහි දෙමහල්පායක් ද ධාතු චෛත්‍යයක් හා සංඝාරාමයක් ද පුෂ්පාරාමඵලාරාමයන් ද කරවා බෝධිචෛත්‍යයක් ද අරම යනුවෙන් නම් කොට ගම්බිම් ද ඊට පූජා කළ බව එම තුඩපතෙහි සඳහන් වේ.

ජරාවාස වී ඇති පැරණි මළුව, ගජසිංහ ආකෘතියෙන් නිමවූ කොරවක්ගල්, ගල්කුලුනු සහිත පඩිපෙළ හා විහාරය අසල පිහිටි ගල්සන්නස ද අරම විහාරයේ පුරාවස්තු අතර වේ. දැනට මෙහි අලුත් විහාර මන්දිරයක් ඉදි කොට තිබේ. පැරණි බුද්ධ ප්‍රතිමා සියල්ල ම පාහේ නෂ්ටප්‍රායව ඇත. මේවා අතර, අත්පාවල මැටි බදාම ගැළවී ගිය. දැවයෙන් තැනූ සිටිපිළිමයක් ද වේ. වුවත් අතිශයින් ශාන්ත ස්වරූපයක් උසුලයි.

වළගම්බා රජු සැඟවී සිටි තැනකැ රහලගලේ ගල්ගුහාව ද අරම විහාරය අසල පිහිටා තිබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරම_විහාරය&oldid=6928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි