"අෂාන්ති-2" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඝානාහි දකුණු දිග ප්‍රදේශයේ වාසය කරන මොවුහු ආක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:03, 27 පෙබරවාරි 2025 තෙක් සංශෝධනය
ඝානාහි දකුණු දිග ප්‍රදේශයේ වාසය කරන මොවුහු ආකන් වර්ගයට අයත් වෙති. 19 වැනි ශතවර්ෂයේ දී බලවත් ගණරාජ්‍යයක් තනාගත් ඔව්හු වෙනත් ආකන් ගෝත්‍රවලටත් බ්‍රිතාන්‍යයන්ටත් විරුද්ධව නොයෙක් යුද්ධ කළහ. යුදකාමී. අෂාන්තිවරුන් බ්‍රිතාන්‍යයන්ට විරුද්ධව අන්තිම යුද්ධය කෙළේ 1901 දීය. ඔවුන් කෙතරම් රණ කාමී ලෙස සටන් කළ ද ගෝත්‍ර නායකයන් උනුන් කෙරෙහි බිඳුවා ඔවුන් යටත් කිරීමට බ්‍රිතාන්‍ය ජාතිකයන්ට හැකි විය.
අෂාන්ති සමාජය මාතෘපාරම්පරිකය. තැනින් තැන විසිරී සිටින නෑදෑයන් එකතු කරන මාතෘ පරම්පරා සංවිධාන වලින් අෂාන්ති සමාජය සමන්විතය. හැම පුද්ගලයෙක් ම තම මවගේ පරම්පරාවට අයත්ය. ඔහු එම පරම්පරාව ජීවත්වෙන පළාතේ පුරවැසියෙකි.
" පරම්පරාවේ ඇත්තේ එකම ලේය යන කීම අෂාන්තිවරු අතර පවතී. පරම්පරා ඇතුළත විවාහ සිදුනොවීම මේ කියමනට අනුකූල සමාජ හැසිරීමකි.
සමාජ සම්බන්ධකම් මාතෘපාරම්පරික ක්‍රමය මගින් පාලනය වේ. පියාට දරුවන් සම්බන්ධයෙන් නීත්‍යනුකූල බලයක් නැත. එම බලය දරන්නේ මවගේ සහෝදරයාය. පියාගේ සොහොයුරිය ද පියා සමාන ආදර ගෞරව ලබයි. එහෙත් ඇය හා ඇති සම්බන්ධකම පියා හා ඔහුගේ සහෝදරයන් සමග ඇති සම්බන්ධකම තරම් බලවත් නොවේ.
තම මාතෘපරම්පරාවේ කෙනෙකුන් හා විවාහය තහනම් ය. විවාහයක් නීත්‍යනුකූල වන්නේ පුරුෂයා විසින් ‘' ප්‍රධාන බීම " (ටිරින්සා) තෑගි කළ පසුය. බොහෝ විට මෙම තෑග්ග ජින් බෝතල දෙකක් නැතහොත් මුදලින් එහි වටිනාකමය. මණාලියගේ පියාට ද මවට ද පරම්පරා ප්‍රධානයාට හා සහෝදරයන්ට ද තෑගි දිය යුතු වෙයි. මණාලියගේ මව්පියන් ආරක්ෂා කළ දෙවියන්ට පූජා පැවැත්විය යුතු වෙයි. දික්කසාදයක දී ආපසු දිය යුත්තේ ප්‍රධාන බීම " පමණකි. දික්කසාදය නීත්‍යනුකූල වන්නේ එවිටය. පුරුෂයාගෙන් මුදල් ද ඉල්ලිය හැකිය. ඇවැස්ස මස්සිනා හා නෑනා අතර විවාහය යෝග්‍ය යයි කල්පනා කරනු ලැබේ. බහුභාර්යයා සේවනය ඔවුනතර පවතී. අෂාන්තිවරු මියගිය වැඩිමහල්ලන් හා දෙවියන් අදහති. න්‍යාමෙ නැතහොත් න්‍යාන්කොපොන් අතිඋත්තම දෙවියාය. ඔහු ආකාශයේ දිව්‍ය විමානයක වාසය කරයි. ඔහුගෙන් වරම්ලත් අනික් දෙවියෝ ද රාශියකි. සුමන් යනු බලයෙන් අඩු කොට්ඨාසයේ දෙවිවරුය.
(සංස්කරණය: 1965)
[[ප්‍රවර්ගය:]]
[[ප්‍රවර්ගය:]]