අකාබනික රසායන විද්‍යාව

සිංහල විශ්වකෝෂය වෙතින්
(අකාබනික රසායන විද්‍යාව. වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න

රසායන විද්‍යාවේ අංශයක් වූ මෙයට ඇතුළත් වනුයේ මූල ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනයත් කාබන් හැර අනෙක් මූලද්‍රව්‍යවල සංයෝග පිළිබඳ අධ්‍යයනයත්ය. කාබන් අන්තර්ගත වුව ද ඊට ඒසා වැදගත් තැනක් හිමි නොවන්නාවූ කාබන්වල ඔක්සයිඩ, ක්ලෝරයිඩ, සල්පයිඩ, ලෝහ කාබනේට, සයනජන් සහ කාබනික් අම්ලය වැනි සංයෝග ද මේ අධ්‍යයනයට විෂය වෙයි. රසායන විද්‍යාව බ.

(සංස්කරණය: 1963)