ආජීවාෂ්ටමකශීලය
සිංහල විශ්වකෝෂය වෙතින්
(ආජීවාෂ්ටමක ශීලය වෙතින් යළි-යොමු කරන ලදි)
සම්‍යක් ආජීවය හෙවත් දැහැමි දිවිපැවැත්ම අටවැනි කොට ඇති ශීලය ආජීවාෂ්ටමක ශීල නම් වේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර (අබ්‍රහ්මචර්යා) යන මේ පව් තුනින් වැළකීම කායික සංවරයයි. බොරු කීමෙන්, කේළාම් කීමෙන්, රළු වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළකීම වාචසික සංවරයයි. මේ සිල්පද හතට ආජීවය හෙවත් මිථ්‍යා ආජීවයෙන් වැළක ධාර්මික ආජීවයෙහි යෙදීම නමැති අටවන ශික්ෂා පදය ඇතුළු වීමෙන් ආජීවාෂ්ටමක ශීලය සම්පූර්ණ වේ.
(සංස්කරණය: 1965)