ඉබ්න් අතියා උල්-බාත්පි අල් ජරිර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(?−728). උමය්යාද් යුගයෙහි විසූ අරාබි ජාතික කිවියෙකි.හේ මුල් කාලයෙහි ඉරාකයෙහි ද පසුව දමස්කස් නුවර ද විසීය. දෙවැනි ඔමර් රජු විසින් පිළිගනු ලැබූ එක ම කවියා අල් ජරීර්ය. අල් ජරීර් බෙහෙවින් ප්‍රසිද්ධියට පැමිණියේ පරාස්ඩක් සහ අක්තල් යන කවීන්ට ප්‍රතිපක්ෂව ක්‍රියා කළ හෙයිනි. සමකාලීන අනෙක් කවීන්ගේ මෙන් ම අල් ජරීර්ගේ ද නිබන්ධ උපහාසාත්මක පද්‍යවලින් සහ ප්‍රශස්තිවලින් පරිපූර්ණ විය. මෙතෙමේ පශ්චාත් මුස්ලිම් යුගයෙහි පළමු ශතවර්ෂයේ විසූ මහාකවීන් සිවුදෙනා අතුරෙහි ගැනේ.

(සංස්කරණය: 1965)