සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඐ යනු හුදෙක් ඐ වර්ණයට ද දීර්ඝයක් තිබිය යුතුය යන අදහසින් පසු කාලයෙහි නිර්මාණය කරගන්නා ලද ශබ්ද රූපයකි. පශ්චාත්කාලීන නිඝණ්ඩුකාරයන් ඐ වර්ණයට දී ඇති කෘත්‍රිම අර්ථ කිහිපය හැරුණු විට එය යෙදුණු අන් තැනක් සංස්කෘත භාෂාවෙහි දක්නට නොලැබේ. සිංහල භාෂාවෙහි එය මුළුමනින් ම අප්‍රකට වුව ද වදන් කව් පොතෙහි (8) 'ඐමහීපති' යන අඥාතාර්ථවාචී වචනය ඊට නිදසුන් වශයෙන් දී ඇත.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඐ&oldid=10739" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි