අ'න්-1

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Earn). දකුණු මධ්‍යම ස්කොට්ලන්තයේ ප'ත්ෂයර්හි පිහිටි විලකි. එනමින් ගඟක් ද එහි වේ. ග්ලැසියර ඛාදනයෙන් සෑදී තිබෙන විලෙහි දිග සැතපුම් 6, 1/2කි. වැඩි ම පළල සැතපුම් 4/5කි. වැඩි ම ගැඹුර අඩි 287කි. විල පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 317ක් ඉහළිනි. මෙයින් පිටවන අ'න් ගඟ සැතපුම් 46ක් පමණ නැ‍ගෙනහිරට ස්ට්‍රැත'න් මිටියාවත ඔස්සේ ගලාගොස් ටේ ගං මෝයෙන් මුහුදට වැටේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අ%27න්-1&oldid=7018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි