අශ්වතරයා
දැඩි උෂ්ණත්වයක් දැරිය හැකිකම හා සංසුන්භාවය අතින් කොටළුවා බඳුවීම නිසා ද අශ්වයකුට සමාන ශරීර ශක්තිය හා ධෛර්යය ඇති නිසා ද ලෝකයෙහි නිවර්තන සහ අර්ධ නිවර්තන ප්‍රදේශයන්ට අයත් කර ප්‍රදේශවල තවලම් කඳු ගෙනයෑම සඳහා පුරාණයේ සිට ම ඉතා බහුල ලෙස අශ්වතරයන් යොදා ගත්හ.
අශ්වයකුට දාව කොටළු දෙනක කුසින් ද අශ්වතරයකුගේ උත්පත්තිය සිදු වේ. පූර්වෝක්ත අශ්වතරයාගෙන් පමණ ප්‍රයෝජනයක් උගෙන් ගත නොහැකියි.
පැරණි සාහිත්‍ය ප්‍රයෝගයන්හි දක්නා අශ්වතර ශබ්දයේ තර ප්‍රත්‍යයෙන් සිහින් බවක් හෙවත් හීන බවක් පැවසේ. අංගුත්තර නිකාය වැනි පාළි ග්රන්ථයන්හි අශ්වතරීන් සඳහන් වන ඇතැම් තන්හි ඔවුන් ආත්ම වධය සඳහා ගබ්ගන්නා බවත් අසකු නිසා අශ්වතරිය ගැබ්ගෙන ප්‍රසව කාලය එළඹුණු විට පැටවා බිහිකට නොහී පාවලින් භූමියට ගසමින් සිටිනා බවත් එවිට ඇගේ පා සතර බැඳපියා කුස පළා පැටවා මෑත්කර ගන්නා බවත් ඉන් මව් අශ්වතරිය මිය යන බවත් කියැවේ.
(සංස්කරණය: 1965)
