ඇඩූලිස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එරිට්‍රියාවේ පැරණි නගරයකි. මෙකල එය සූලා නමින් හැඳින්වේ. ප්ලිනි නම් ඉතිහාසඥයා සඳහන් කරන පරිදි ඇඩූලිස් නගරය ගොඩනඟන ලද්දේ මිසරයෙන් එරිට්‍රියාවට පැන ආ වහලුන් විසිනි. එහෙත් ප්‍රාග්ඓතිහාසික යුගයට අයත් මැටිබඳුන් ආදි පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ ඇඩූලිස් නගරය පිහිටි ප්‍රදේශයේ තිබී සම්බ වී ඇති බැවින් එම නගරය ප්ලිනි සඳහන් කරන කාලයට වඩා පැරණි යයි පුරාවිද්‍යාඥයෝ සිතති.

ක්‍රි.පූ. 4 වන ශතවර්ෂයේ සිට ක්‍රි.පූ. 1 වන ශතවර්ෂ කාලය දක්වා හෙවත් ටොලමි පරපුරේ බලය පැවති කාලය මෙනුවර ඓශ්චර්යයෙන් ආඪ්‍යව පැවති සමය හැටියට සලකනු ලැබේ. ග්‍රීක-රෝම කාලයේ දී ද මේ නගරය සමෘද්ධිමත්ව පැවති බව පෙනේ. පසු කලෙක ඇඩූලිස් ඇබිසීනියාවේ ඇක්සම් රාජධානියේ ප්‍රධාන වරායව පැවැත්තේය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇඩූලිස්&oldid=8076" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි