ඇන්ටිපොඩීස්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Antipodes). නවසීලන්තයට සැතැපුම් 450ක් ගිනිකොනින් පිහිටි දක්ෂිණ අක්ෂාංශ 49° 41’ සහ නැගෙනහිර දේශාංශ 178° 30′ ආශ්‍රිත දූපත් පන්තියකි. එහි ප්‍රමාණය වර්ග සැතපුම් 24කට වැඩි නොවේ. එය සොයාගනු ලැබුයේ කැප්ටන් වෝටර්හවුස් විසිනි (1800). ජනාවාස නොවී පවත්නා මේ දූපත් පන්තිය කුරුල්ලන්ගේ නිවාස භූමිව පවතී. ඇන්ටිපොඩීස් දිවයින් නවසීලන්තයට අයිතිය. ඒවා ලෝක ගෝලයෙහි එංගලන්තයේ සිට වැටෙන විෂ්කම්භ රේඛාවක අනික් කෙළවරෙහි පිහිටා ඇති හෙයින් මෙනමින් හඳුන්වනු ලැබේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇන්ටිපොඩීස්&oldid=8957" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි