ඇබර්ඩීන් ඇල්ල
සිංහල විශ්වකෝෂය වෙතින්
කැලණි ගඟේ අතු ගංගාවක් වන කෙහෙල්ගමු ඔයේ දිය ඇල්ලකි. වටවල දුම්රිය පොළේ සිට සැතැපුම් දෙකක් නිරිත දිගින් ද නෝටන් පාලමේ සිට ඔය ඔස්සේ සැතැපුම් 3,1/2ක් පමණ ඊශාන දිගින් ද පිහිටා ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 1,950ක් පමණ උසින් පිහිටි මෙහි පෝෂක ප්රදේශය ව.සැ. 64ක් නමුදු නෝටන් වේල්ල ඉදි කිරීමෙන් පසුව මීට ලැබෙන ජලය ඉතා අඩු වී ඇත.
(සංස්කරණය: 1967)