ඇබර්ඩීන්ෂයර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ස්කොට්ලන්තයේ ඊශාන දිග්හි පිහිටි ව.සැ. 1,971ක් වූ මෙය ප්‍රමාණය අනුව ස්කොට්ලන්තයේ හවැනි කෝරළයයි.

වෙරළබඩ තැනිතලාව ඇතුළු සියලු පහත් ප්‍රදේශ සරුය. ඕට් වැවිල්ල පිළිබඳව ස්කොට්ලන්තයේ ප්‍රමුඛ ස්ථානය ගන්නේ මේ කෝරළයයි. මෙහි බාර්ලි ද ප්‍රධාන වැවිල්ලක් වන අතර ගව ආහාර වශයෙන් ට'නිප් ද වවනු ලැබේ. කිරි සහ මස් පිණිස ඇති කරනු ලබන ගවයන් අතුරෙන් ඇබර්ඩීන්-ඇංගස් සහ ෂෝට්හෝන් වර්ග ප්‍රධානයි. කඳුකරයෙහි බැටළුවන් ඇති කරති. එහි ප්‍රධාන වශයෙන් කස වර්ගයේ ගස් වැවෙන සරු කැළෑ ඇත. නිරිතදිග පිහිටි බැල්මොරල්හි ආදර්ශ කැළෑ ප්‍රදේශයක් වෙයි.

ඩොන් මිටියාවතෙහි ග්රැනිට් කර්මාන්තය දැන් අගයෙන් අඩු වෙමින් පවතී. ජලවිදුලි බලයෙන් ඩොන් සහ ඩී නිම්නවල කඩදාසි කර්මාන්තය කරනු ලැබේ. උතුරෙහි පිහිටි හන්ට්ලි පුරයෙහි මේස් කර්මාන්තය දියුණුය. පීටර්හෙඩ් (13,000), ෆ්‍රේසර්බරෝ (10,000) සහ ඇබර්ඩීන් (බ.) යන තැන් ධීවර මධ්‍යස්ථාන වන අතර ඒ තන්හි නැව් සැදීම ද කරනු ලැබේ. ප්‍රධාන නගරය ඇබර්ඩීන්ය. කෝරළයේ ජනගහනය (1962) 320,385කි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇබර්ඩීන්ෂයර්&oldid=10998" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි