ඇම්බැක්කේ විහාරය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මාතලේ දිස්ත්‍රික්කයේ උඩුගොඩ කෝරළය බද උඩසියපත්තුවේ ඇම්බැක්කේ නම් ගමෙහි පිහිටියේය. මේ ස්ථානය පැරණි ලෙන් විහාරයක් වූ හෙයින් වළගම්බා රජුගේ කෘතියෙකැයි බොහෝ දෙන කියති. එහෙත් එය සනාථ කිරීමට සාධක නැත. කන්ද සාරා සකස් කරන ලද රමණීය ගල්ලෙනක් තුළ මේ විහාරය කරවන ලද්දේය. පර්වතය මුදුනෙහි පිහිටි පුරාතන චෛත්‍යය ප්‍රතිසංස්කරණය කරවා තිබේ.

කෝට්ටේ රජ පැමිණි ධර්මපරාක්‍රමබාහු රජතුමා විසින් මේ විහාරය ප්‍රතිසංස්කරණය කරවා ගම්වර පුදන ලද්දේය. ඊට පසු කීර්ති ශ්‍රී රාජසිංහ මහරජු විසින් ද (මොනරවිල දිසාපතිතුමා එහි යවා) විහාරස්ථානය ප්‍රතිසංස්කරණය කරවන ලද්දේ වෙයි. විහාරස්ථානයට සමීපව පෙර පටන් පවත්නා පත්තිනි දොවොලක් වෙයි. එ ද වර්ෂයක් පාසා පෙරහර ආදි පුදසිරිත් පැවැත්වෙන සැලැකිය යුතු ස්ථානයෙකි.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇම්බැක්කේ_විහාරය&oldid=11262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි