ඇරමියා
සිංහල විශ්වකෝෂය වෙතින්
බැබිලෝනියාවේ සිට බටහිර ආසියාවේ කඳුකරය දක්වා විහිදී පැවති රාජ්‍යයකි. ග්‍රීකයන් විසින් සිරියා, මෙසපොටේමියා සහ බැබිලෝනියා යනුවෙන් හැඳින්වුණු ප්‍රදේශ මෙයට අයත් වූයේය. ඇරමියන්වරුන් අයත් වන්නේ උතුරු සෙමිටික් වර්ගයටයි. ඔවුන්ගේ භාෂාව වූ ඇරමයික ක්‍රි.පූ. 700-ක්‍රි.ව. 700 දක්වා සුළු ආසියාවේ බෙහෙවින් ම ප්‍රචලිතව තිබිණි.
(සංස්කරණය: 1967)