ඇලරික් II

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(-507). ක්‍රි.ව. 484 දී ගෝල් ප්‍රදේශයේ රජබවට පැමිණි විසිගොත් රජෙකි. මධ්‍යධරණී ප්‍රදේශයෙහි පැතිර තිබූ මොහුගේ රාජ්‍යයට ස්පාඤ්ඤය ද ප්‍රංසයේ ඇක්විටේන් ප්‍රදේශය හා ප්‍රොවාංස් ප්‍රදේශයේ විශාල කොටසක් ද අයත් විය. සිය පියා වූ යුරික් අනුගමනය කළ දෘඪ කතෝලිකවිරෝධී ප්‍රත්පත්තිය ඔහු අත්හළේය. රෝම නීති හා අධිරාජ ප්‍රඥප්ති පිළිබඳ සංග්‍රහ ග්‍රන්ථයක් ඔහු විසින් සකස් කරගන්නා ලදි.

ක්ලෝවිස් නම් වූ ෆ්රෑන්ක් රජු සමග ඇති වූ යුද්ධයේ දී (507) ඇලරික් II මරුමුවට පත් වීමෙන් ගෝල් ප්‍රදේශයෙන් විසිගොත් පාලනය සදහට ම තුරන් විය.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇලරික්_II&oldid=11764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි