ඇල්බක’කි
සිංහල විශ්වකෝෂය වෙතින්
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නිව් මෙක්සිකෝ ජනපදයේ විශාලතම නගරයයි. මෙක්සිකෝවේ මධ්‍ය ප්‍රදේශයෙහි, රියෝ ග්‍රෑන්ඩ් නිම්නයෙහි, මුහුදු මට්ටමේ සිට අඩි 4,943ක් ඉහළින් පිහිටි මෙය සෞඛ්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ද වැදගත් දුම්රිය සහ ගුවන් මධ්‍යස්ථානයක් වශයෙන් ද ප්‍රසිද්ධය. පශු පාලනය හා කෘෂිකර්මය ද දැව කර්මාන්තය සහ ආකර කර්මාන්තය ද කරන පළාතක පිහිටි මෙනුවර ලොම් පිළී විවීම, පලතුරු ඇහිරීම සහ ඛනිජතෙල් පිරිසුදු කිරීම ආදිය ද කරනු ලැබේ. මෙක්සිකන් ඉන්දියානු ස්වර්ණාභරණ සහ අරුමෝසම් බඩු ගැන ද මෙය ප්‍රසිද්ධය. නිව් මෙක්සිකෝ විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ ද මෙහිය.
1706 දී ස්පාඤ්ඤවරුන් විසින් පිහිටුවනු ලැබූ ඇල්බක'කි නගරයෙහි ජනගහනය (1960) 202,000කි.
(සංස්කරණය: 1967)