ඉබ්බාගමුව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

වයඹ පළාතේ, ඉහළ විසිදෙක කෝරළේ දියුණු ගමකි. කුරුණෑගලට සැතපුම් අටක් ඔබින් දඹුලු පාරේ බතලගොඩ වැව අසබඩ පිහිටි ඉබ්බාගමුව 1944 දී එහි පිහිටුවනු ලැබූ මධ්‍ය මහාවිද්‍යාලය නිසා ප්‍රසිද්ධියට පත්ව ඇත. තැපැල් කන්තෝරුවක් ද මෙහි ඇත.

කුරුණෑගල රාජධානියක්ව පැවති කාලයේ දී ඉබ්බාගමුව රජවාසල මෙහෙවරට නියමව තුබූ ගමක් බව කුරුණෑගල විස්තරය නමැති ග්‍රන්ථයෙහි සඳහන්ව ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්බාගමුව&oldid=7994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි