ඉරුගල් බෝධිය
සිංහල විශ්වකෝෂය වෙතින්
ඉරුගල් බණ්ඩාර (බ.) දෙවි වැඩ වසතැයි විශ්වාස කරනු ලබන මෙම ස්ථානය අද ද හන්තාන කඳු පාමුල පිහිටි හිඳගල, පායින්ගමුව, මහකන්ද ආදි ප්‍රදේශ වැසි ජනතාවගේ පුදපූජා ලබන මහානුභාවසම්පන්න තැනක් සේ සැලකේ. පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාල භූමිභාගයට අයත් මහකන්ද ප්‍රදේශයේ පිහිටි මෙම ස්ථානය අතීතයේ සිටම අවට වැසි ජනතාවගේ වැඳුම් පිදුම් ලබන පූජනීය ස්ථානයක් වූ බව පෙනේ.
ඉරුගල් බෝධිය අවට ගම්වැසියන් වසංගත, දුර්භික්ෂ, නියංසා ආදි ආපදාවන්හි දී සෙත් ශාන්තිය පතා මෙම ස්ථානයට භාරහාර වීම මෑතක් වන තුරු කරගෙන එන ලද බව ද ඒවා නිතරම සාර්ථක වූ බව ද ප්‍රදේශ වාසීහු පවසති.
(සංස්කරණය: 1970)