ඊදර්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉන්දියානු සමූහාණ්ඩුවේ ගුජරාථ රාජ්‍යයෙහි සාබර්කාංඨ දිස්ත්‍රික්කයෙහි තාලුක් කොට්ඨාසයකි. වර්ග සැතැපුම් 422ක් පමණ වූ මෙහි ජනගහනය (1961) 154,024කි. දේශගුණය වියළි වුව ද පස සාරවත් හෙයින් කපු, මිලට්, උක් ආදි බෝග වැවීම දියුණුය. මෙහි ඊදර් නම් නගරයක් ද ඇත. හිමත්නගර් සාබර්කාංඨ දිස්ත්‍රික්කයේ අගනුවර වීමට පෙර එය එහි අගනුවර විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඊදර්&oldid=8262" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි