උණ්ඩුකය
ඒ ඒ සත්ව විශේෂ අනුව උණ්ඩුකයේ දිගත් වින්‍යාසයත් බෙහෙවින් වෙනස් වේ. මිනිසාගේ උණ්ඩුකය අඟල් 6ක් පමණ දිගය. සාමාන්‍යයෙන් ශාකභක්ෂක සතුන්ට සාපේක්ෂ ලෙස වඩා දික් වූ උණ්ඩුකයක් ඇත. එය ඇතැම් විට දරණ ගැසී සිටී. උන්ගේ උණ්ඩුකය තුළ බැක්ටීරියා ක්‍රියා කිරීමෙන් සෙලියුලෝස් ජීරණය සිදු වේ. රට හාවාගේ උණ්ඩුකය ලොකුය. මඩි වැනි විස්තරණ ශ්‍රෙණියකින් එය සමන්විත වේ. වලහා වැනි ඇතැම් සතුන්ට උණ්ඩුකයක් නැත. ඇතැම් මත්ස්‍යයන්ට ආමාශය හා අන්ත්‍රය සන්ධි වන ස්ථානයෙහි ආමාශයාන්ත උණ්ඩුක (pyloric caeca) ඇත. සමහර කෘමීන්ගේ ගුද මාර්ගයෙහි එවැනි මඩි පිහිටා තිබේ.
සාමාන්‍යයෙන් උණ්ඩුකයෙහි ඇති වන්නේ රෝග ස්වල්පයක් පමණි. උග්‍ර ඇපෙන්ඩිසයිටිස් රෝගයේ දී උණ්ඩුකය බෙහෙවින් ප්‍රදාහයට පත් වේ. ආන්ත්‍රික අවරෝධය (intestinal obstruction) ශමනය කිරීම සඳහා කරන ශල්‍යකර්මවල දී උණ්ඩුකය උපයෝගී කොටගනු ලැබේ.
(සංස්කරණය: 1970)
