උදයග්ගබෝධි
සිංහල විශ්වකෝෂය වෙතින්
අනුරාධපුරයෙහි රජ කළ අග්ගබෝධි VIII රජු (ක්රි.ව. 804-815) විසින් සාදවන ලද්දක් ලෙස චූලවංසයෙහි සඳහන් වන පිරිවෙනකි. අග්ගබෝධි තම පියාගේ හා තමාගේ නම් එකතු කොට පිරිවෙන නම් කළේ යැයි සඳහන් වීමෙන් හැඟෙනුයේ ඔහු I වැනි උදයගේ පුත්රයා වූ බවය.
මහින්ද IV රජුගේ ජේතවනාරාම පුවරු ලිපියෙහි “උදා අග්බෝ” නමින් දැක්වෙනුයේ මෙම පිරිවෙන යැයි ඩී.ඇම්. ද ඉසෙඩ්. වික්රමසිංහ මහතා හඳුනාගෙන ඇත. මහින්ද IV රජු ප්රතිසංස්කරණය කර වූ ආගමික ස්ථානයන් අතර උදයග්ගබෝධි පිරිවෙන ද සඳහන් වේ.
(සංස්කරණය: 1970)