උපචාලා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අග්‍රශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සොහොයුරියකි. දඹදිව නාලක නම් ග්‍රාමයෙහි වංගන්ත බමුණා ඇයගේ පියා විය. රූපසාරි බැමිණිය මව වූවාය. සිය සොහොයුරු සොහොයුරියන් මෙන් මෝතොමෝ ද පැවිදිව කමටහන් වඩා රහත් වූවාය. පැවිදි වන්නට ප්‍රථම ඇය ලබා සිටි උපචාල නම් පුත්‍රයා ද කල්යාමේ දී බුදුසසුන්හි මහණව රහත් විය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උපචාලා&oldid=9511" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි