එඩ්වඩ් IV
සිංහල විශ්වකෝෂය වෙතින්
(1442-83). 1461 දී රජ විය. ඔහුගේ ප්‍රධාන සහායක වොරික් සාමි 1470 දී ඔහුට විරුද්ධව කැරලි ගසා, කලින් සිහසුනෙන් පහ කරනු ලැබ සිටි හෙන්රි VI රජු නැවත රජබවට පැමිණ විය. ඕලන්දයට පැනගිය එඩ්වඩ් 1471 දී ආපසු පැමිණ වොරික් පරදවා හෙන්රි රජු මරා දමා රටේ බලය අල්ලාගෙන දිවිහිමියෙන් රාජ්‍යය කෙළේය.
(සංස්කරණය: 1974)