එපිං

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Epping). එංගලන්තයේ එසෙක්ස් කෝරළයේ නාගරික දිස්ත්‍රික්කයකි. ලන්ඩන් නුවරට සැතපුම් 16ක් උතුරින් එපිං වනයේ (Epping Forest) උතුරු මායිමෙහි පිහිටා තිබේ. ජනගහනය (1961) 10,001කි.

වෙළඳ නගරයක් ලෙස සැලකෙන මෙය එපිං වනයෙහි උතුරු පෙදෙසෙහි මනහර උස් භූමිභාගයක පිහිටා තිබේ. මේ නගරයේ කොටසක් එපිං වනයට පැමිණෙන විනෝදකාමීන්ගේ මධ්‍යස්ථානයයි. අනික් කොටසෙහි ලන්ඩන් නුවර කම්කරුවන්ගේ නිවාසස්ථාන පිහිටා ඇත. මේ නගරය කුඩා ගව වෙළඳ පොළක් වශයෙන් ද ප්‍රසිද්ධය.

පුරාණයෙහි රාජකීය ආරණ්‍යයක්ව තිබුණු එපිං වනයට එසෙක්ස් කෝරළය මුළුමනින් ම වාගේ අයත් වූයේය. ක්‍රමයෙන් කුඩා වෙමින් පැවැති මේ අරණ්‍යය වික්ටෝරියා රැජින විසින් 1882 දී මහජන උද්‍යානයක් බවට පත් කරනු ලැබීය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එපිං&oldid=11037" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි