එම්ස් (2)
සිංහල විශ්වකෝෂය වෙතින්
ජර්මනියේ නගරයකි. ප්රසියානු හෙසන්-නාසවු පළාතෙහි ලාන් ගඟබඩ කොබ්ලෙන්ස් නගරයට සැතැපුම් 11ක් ගිනිකොනින් පිහිටා තිබේ. මෙය යුරෝපයේ ඉතා ප්රසිද්ධ ඛනිජ ජලස්නාන ස්ථානයකි. මෙහි ආකර කර්මාන්තය කරනු ලැබේ. රිදී සහ ඊයම් මෙහි ලැබෙන ප්රධාන ලෝහ වර්ගයෝය. 1786 දී ජර්මනියේ කතෝලික සභාවේ කටයුතුවලට පාප්තුමාගේ ඇඟිලි ගැසීමට විරුද්ධව ජර්මන් ආච් බිෂොප්වරුන් සතර දෙනකුගේ නියෝජිතයන් විසින් ප්රකාශයක් කරන ලද්දේ මෙහි දීය.
(සංස්කරණය: 1974)