එස්මෙරාල්ඩාස්
සිංහල විශ්වකෝෂය වෙතින්
(Esmeraldas). ඉක්වදෝරයේ ඉතා ම උතුරේ වූ පළාතය. ව.සැ. 6,134ක් විශාල මෙහි ජනගහනය (1961) 124,881කි. සමක දේශගුණයෙන් යුත් මේ ප්රදේශයෙහි කොකෝවා, කෝපි, සහල් හා දැව නිපදවනු ලැබේ. රන් ඇතුළු ලෝහ වර්ග ද ඇත. එස්මෙරාල්ඩාස් ගං මෝය අසල පිහිටි මෙහි ප්රධාන නගරය හැඳින්වෙනුයේ ද මෙනමින් මය. එහි ජනගහනය (1959) 20,700කි.
(සංස්කරණය: 1974)