එළු උමංදාව

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

අතිශයින් ජනප්‍රියව පැවති ජාතක කථාවන්ගේ දශජාතක වැනි සංග්‍රහයන් ද අටදාසන්නෙ වැනි පාලි ජාතක සංග්‍රහයන්ගේ සිංහල සන්නද ඛණ්ඩහාල ජාතක ගැටපදය, ශෞනක ජාතක ගැටපදය, උමංදා ගැටපදය, දෙමළ ජාතක ගැටපදය වැනි පාලි ජාතක කථාවන්ගේ ස්වාධීන ගැටපද ද විධුර ජාතක ගාථා සන්‍යය වැනි ජාතක ගාථා සන්න ද පැවති බව පෙනේ. මහජනයාගේ ආදරයට පාත්‍ර වූ ඇතැම් ජාතක කථාවස්තු කිහිප දෙනකු විසින් වෙන වෙන ම සිංහලට නඟා තුබුණු බව ද කිව යුතුයි.

පන්සිය පනස් ජාතක පොතට ඇතුළත් වූ උම්මග්ග ජාතකය හැර භාෂා ස්වරූපය අතින් ඊටත් පැරණි යයි කිව යුතු වූ එළු උමංදාවක් කලකට පෙර වීරක්කොඩි නමැත්තකු විසින් පළ කරවන ලදි. ඒ පොත දැන් ඉතා අප්‍රකටය. පොළොම්මාරුවේ වනවාස විහාරාධිපති පරවාහැර පේමානන්ද, ගලගම ධම්මික යන හිමිවරුන් විසින් ද 1950 දී එළු උමංදාවක් ප්‍රකාශයට පමුණුවන ලදි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=එළු_උමංදාව&oldid=11403" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි