ඒකීය ක්රමය
සිංහල විශ්වකෝෂය වෙතින්
(Unitary method). ඒකකයක අගය සොයා ඒ අනුසාරයෙන් ගණනය කිරීම ඒකීය ක්රමය නමි. නිදසුනක් මෙසේයි: පොල් ගෙඩි 20ක් රුපියල් 5ක් නම් එක පොල් ගෙඩියක මිල සොයා ගැනීමෙන් පසු ඕනෑ ම පොල් ගෙඩි ගණනක මිල සෙවිය හැකිය. ඒ අනුව එක පොල් ගෙඩියක මිල සත 25කි. ඒ නිසා පොල් ගෙඩි 15ක් රු. 3.75ය.
මිනිසුන් 5 දෙනකුට යම් වැඩක් දින 6කින් කළ හැකි නම් 3 දෙනකුට ඒ වැඩය ම කිරීමට යන කාලය සෙවිය හැක්කේ එක මිනිසකුට සම්පූර්ණ වැඩය කිරීමට යන කාලය සොයා ගැනීමෙනි. එක් මිනිසකුට ඒ වැඩය කිරීමට 5×6=දින 30ක් ඕනෑය. ඒ නිසා මිනිසුන් 3 දෙනකුට 30÷3=දින 10ක් ඕනෑ වේ.
(සංස්කරණය: 1974)