ඔතාරු
සිංහල විශ්වකෝෂය වෙතින්
ජපානයට අයත් හොක්කයිදෝ දූපතේ නිරිත දිග පිහිටි වරායකි. යුබාරි නුවර ගල් අඟුරු බිම්වලින් ලැබෙන ගල් අඟුරු හොන්ෂු දිවයිනට නැව්වල පටවා යැවීම සඳහා මේ වරාය ඉවහල් වේ. මස්මැරීම ගැන ද ප්‍රසිද්ධය. 1960 දී මෙහි ජනගහනය 198,511ක් විය.
(සංස්කරණය: 1974)