ඔරයන් (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ග්‍රීක දේවකතාවන්ට අනුව දේවත්වයෙන් ලා සැලකුණු, මහත් ශක්තියකින් හා රූපශ්‍රියෙන් යුක්ත දඩයක්කාරයෙකි.

ආටෙමීස්ට පෙම් කළ ඔරයන් ඇය සමග දඩයමෙහි යෙදුණේය. මේ දෙදෙනාගේ සම්බන්ධයට විරුද්ධ වූ ඇගේ සොහොවුරු ඇපොලෝ ඔරයන් මරුමුවට පත්කිරීමට උපක්‍රමයක් යෙදීය. ඔරයන් ඈත දියඹෙහි පිහිනනු දුටු ඇපොලෝ එය දියෙහි පාවෙන යම් කිසි වස්තුවකැයි හඟවා හීයෙන් විදින ලෙස තම සහෝදරියට අභියෝග කළේය. අභියෝගය පිළිගත් ආටෙමීස්ට තමා හීයෙන් විද්දේ තම ආදරවන්තයාගේ හිසට බව දත හැකි වූයේ ඔහු මළ පසුය. ගෝනුස්සකු විසින් දෂ්ට කරනු ලැබීමෙන් හෝ එයෝස් පැහැරගෙන යාමට තැත් කළ කල්හි ආටෙමීස් විසින් මරනු ලැබීමෙන් හෝ මොහුගේ අවසානය සිදු වී යයි ඇතැම් තැන්හි සඳහන් වෙයි. (ඔරයන් (1) බ.)

කෙසේ හෝ මරණයෙන් පසු මෙතෙමේ ඔරයන් නමින් දන්නා තාරකා මණ්ඩලයට පරිවර්තනය කරනු ලැබී යයි සඳහන් වේ.

ඔරයන් තරුවැල විවිධ දේශිකයන් හඳුනාගෙන ඇත්තේ විවිධ ආකාරයටය. එහෙත් බොහෝ දෙනාට මෙයත් දඩයමත් අතර සබඳකමක් පෙනිණි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔරයන්_(2)&oldid=12002" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි