ඔරෝරා (2)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

එක්සත් ජනපද රාජ්‍යයේ උතුරු ඉලිනොයි ජනපදයෙහි චිකාගෝ නුවරට සැතපුම් 38ක් බටහිරින් පිහිටා ඇති මේ කුඩා නගරය 1836 දී පිහිටුවන ලද්දකි. ෆොක්ස් නදී නිම්නය ආශ්‍රිත බැවින් මෙහි පස සාරවත්ය. නගරය ද සිත්කලුය. විවිධ වාහන, යන්ත්‍ර, ජලනල, ආයුධ, රෙදිපිළී, විදුලි උපකරණ, රසායන ද්‍රව්‍ය, ලෝහ භාණ්ඩ, වානේ කැබිනට්, දැව භාණ්ඩ ආදිය මෙහි නිෂ්පාදනයන්ගෙන් සමහරකි. දුම්රිය මාර්ග සතරක් ම මේ නගරයට සම්බන්ධ වී ඇති බැවින් ගමනාගමනය හා බඩු එහා මෙහා ගෙන යාමට පහසුකම් සැලසී තිබේ. ඔරෝරා අග්‍රපාඨශාලාව සහ අනාථ දරුවන් සඳහා පිහිටුවන ලද ළමා නගරය ද මෙහි ඇති සැලකිය යුතු ස්ථාන දෙකකි. මෙහි ජනගහනය (1960) 63,715කි.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔරෝරා_(2)&oldid=11443" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි