ඔසාර්ක් කඳු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇමෙරිකා එ.ජ. රාජ්‍යයේ ජනපද පහක පැතිරී ගිය උස් භූමියකි. මුහුදු මට්ටමේ සිට අඩි 1,500 සිට 2,800 දක්වා උස් වූ මෙම හෙල් බිම මිසූරි ජනපදයේ සිට ආර්කැන්සස් සහ ඔක්ලහෝමා ජනපද තෙක් විහිදී යයි. මේ ප්‍රදේශයේ සම්පූර්ණ වර්ග ප්‍රමාණය ව.සැ. 50,000ක් පමණ වේ. මින් ව.සැ. 33,000ක් ම මිසූරි ජනපදයේය. ඔසාර්ක් උස්බිමේ උස් ම ශිඛර ඇත්තේ බොස්ටන් කඳුවලය.

නිම්නාකාර භූ ලක්ෂණයෙන් යුක්ත වූ ඔසාර්ක් උස් බිම අසමමිතික ශිඛරාකාරව වැඩුණු උන්නත අඩ තැන්නකි. මෙහි ශිඛර ආග්නේය පාෂාණයෙන් සැදුණේ වෙයි. මීට ම අයත් ස්ප්‍රිංෆීල්ඩ් තැන්න නමින් හැඳින්වෙන සානුව, මිසූරි, ආර්කැන්සස්, ඔක්ලහෝමා යන ජනපදවලින් ව.සැ. 10,000ක පමණ ප්‍රදේශයක් වසා සිටියි. මෙය හොඳ ගොවිබිමකි.

වනයෙන් ගහන වූ ඔසාර්ක් කඳුවැටිය කිරිගරුඬ හා ඛනිජ නිධීන්ගෙන් ද යුක්තය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඔසාර්ක්_කඳු&oldid=12058" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි